Wednesday, February 8, 2017


ලාංකිකයන් මවිත කළ අප්‍රිකානු සිත් මොහොතකට සලිත කළ ‘‘සයිලන්ට් කිලර්‘‘ ගේ සුපිරි ශතකයේ වීඩියෝව මෙන්න
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කන්ඩායම අතර පැවති 4වන එක්දින තරඟයෙන් ලකුණු 40ක ජයක් ලැබීමට දකුණු අප්‍රිකා කන්ඩායම සමත්විය.
කෙසේ වෙතත් පසුගිය තරඟ කිහිපයේදීම දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය මග හරිමින් ශ්‍රී ලංකා කණ්ඩායම හොඳින් ක්‍රීඩා කරනු දැකගත හැකිවිය.
තරඟයේ මුලින් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කන්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 367ක් ලබාගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කන්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 327ක් පමණයි.
එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ උපුල් තරංග පන්දු 90කදී ලකුණු 119ක් රැස්කළ අතර එම ඉනිමට 4පහර 11හා 6 පහර 7ක් අන්තර්ගත විය.
තරඟයේ සම්පූර්ණ ලකුණු සටහන හා උපුල් තරංගගේ ශතකයේ සුවිශේෂි අවස්ථා පහතින් නරඹන්න..





No comments:

Post a Comment