Saturday, February 4, 2017

මැතිවුස් එක්ක බෑ කියා ක‍්‍රිකට් කණ්ඩායමම පැමිණිලි කරයි.. නායකත්වයෙන් මැතිවුස් ඉවතට

ඇන්ජලෝ මැතිවුස් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව ඉදිරියේදී පැවැත්වන බංග්ලාදේශ සංචාරයට නව නායකත්වයක් යටතේ ශ‍්‍රී ලංකා පිල එක්වනු ඇති අතර එම කණ්ඩායමේ නිත්‍ය ක‍්‍රීඩකයෙකු ලෙස මැතිවුස් ක‍්‍රිඩා කිරීමට නියමිතය.
ක‍්‍රිකට් ආයතනය විසින් මෙම තීරණය ගෙන ඇත්තේ මැතිවුස් සම්බන්ධයෙන් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම දිගින් දිගටම ලැබුණු පැමිණිලි රැසක්ම සලකා බැලීමෙන් පසුවයි.
මැතිව්ස්ගේ නායකත්වයෙන් තමනට විදෙස් සංචාරවල යෙදිය නොහැකි යයි ඇතැම් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් පැමිණිලි කර ඇති බවද වාර්තා වෙයි.

No comments:

Post a Comment