Tuesday, February 7, 2017

දයාසිරිගේ පරණ පෙම් එලියට

වත්මන් ක්‍රීඩා අමාත්‍ය ජයසේකර පතිරන්නැහැලාගේ දයාසිරි පද්මකුමාර ජයසේකර මහතාට පළමු ප්‍රේම කිහිපයක් ඇති බව වාර්තා වේ. ඔහු විසින් සතිඅන්ත පුවත්පතකට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකින් මේ බව හෙළිව තිබේ.
දයාසිරි, ආදරය කිරීම ආරම්භ කර ඇත්තේ පාසල් සමයේදීය. එකල ජංගම දුරකථන නොමැති නිසා දයාසිරි ඇයට ලියුම් ලියූ බවත්, පසුකලෙක ඇය ඔහු සමඟ අමනාපව දයාසිරි ලියූ ලියුම් කෑලි කෑලිවලට ඉරලා දයාසිරිටම ගෙනත්දී තිබේ.
ඒ ලියුම්වල කෑලි තවමත් දයාසිරි ළඟ ඇති බවද ඔහුට වත්මන් බිරිය ජයවන්ති හමුව ඇත්තේ ඔහු විශ්ව විද්‍යාලයේ සිටියදී බවද පැවසේ.
දයාසිරි, චන්න උපුලි රංගායතනයේ උපුලිගෙන් නර්තනය හැදෑරීමට ගොස් ජයවන්තිව දැලේ දමාගෙන ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.

No comments:

Post a Comment