Monday, February 6, 2017

සාකච්ජා සාර්ථකයි – චමල් රාජපක්ෂ අරලියගහ මන්දිරයට


හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු කතානායක මෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් සොහොයුරාද වන චමල් රාජපක්ෂ මහතා අද උදෑසන අරලිය ගහ මන්දිරයේ පැවති විශේෂ සාකච්ජාවකට සහභාගී වී තිබේ.
හම්බන්තොට වරාය සහ ඒ ආශ්‍රීත ඉඩම් චීන ආයෝජකයින්ට ලබාදීම සඳහා වූ මූලික සැලසුම් පිළිබඳ සාකච්ජා කිරීමට මෙලෙස ඒ මහතා සම්බන්ධ වී තිබේ.
අමාත්‍යවරුන් වන මලික් සමරවික්‍රම, සාගල රත්නායක, මහින්ද අමරවීර සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් සහ රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙකු මෙම සාකච්ජාවට සහභාගී වි ඇත.
මෙම සාකච්ජා යම්තාක් දුරකට සාර්ථක වී ඇති බවද තොරතුරු වාර්තා වී තිබේ.


No comments:

Post a Comment