Monday, February 6, 2017

සියතට යන්න හිටපු රංගනගේ කලිසම ගැලවෙයි


පසුගිය දිනවල හිරු මාධ්‍ය ජාලයේ සේවය කරන බොහෝ දෙනෙකු එම ආයතනය අතහැර සියත මාධ්‍ය ජාලය සමඟ සම්බන්ධ විය. හිරු ටීවි නාලිකාවේ වැඩසටහන් අධ්‍යක්ෂක වරයෙකු මෙන්ම නිවේදකයෙකුද වන රංගන සිල්වා ද මෙලෙස හිරු මාධ්‍ය ජාලයෙන් ඉවත්ව සියත සමඟ සම්බන්ධ වන බවට රාවයක් ගිය නමුත් පසුව ඒ පිළිබඳ වැඩි කතා බහක් ඇතිවූයේ නැත. ඇත්තටම සිදුවූයේ කුමක්ද?
සියත මාධ්‍ය ජාලය විසින් හිරු නාලිකාවේ බොහෝ දෙනෙකුට ඉහල වැටුපක් ලබාදෙන බව පවසමින් තමන් සමඟ සම්බන්ධ වන ලෙස ඉල්ලා ඇති අතර රංගන ද තමන්ට එසේ ආරාධනා කරනු ඇති බවට සිතමින් හිරු ආයතනයෙන් ඉවත්ව යාමට සූදානම් වී ඇත.
ප්‍රසිද්ධියේම හිරු ඉහළ කළමනාකාරීත්වයට තමන් ඉවත් වන බව ප්‍රකාශ කල රංගන පසුගිය දිනවල සිය රාජකාරි කටයුතු පවා නිසි ලෙස ඉටු කර නැත. කෙසේ උවද තමන්ට සියත මාධ්‍ය ජාලයෙන් ලංසුවක් ඉදිරිපත් නොවීම නිසා රංගනම කතා කර තමන්ව සියතට ගත හැකිදැයි ඉල්ලා සිට තිබේ. එයට ප්‍රතිචාර දක්වමින් සියත මාධ්‍ය ජාලය ප්‍රකාශ කර ඇත්තේ රංගනව සිය ආයතනයේ සේවයට ගැනීමට කවර තත්වයක් යටතේ වුවද කිසිදු අදහසක් නැති බවයි.
ඒත් සමඟම රංගන දැඩි ලෙස මානසික කඩාවැටීමකට ලක්ව ඇතැයිද විශ්වාසකටයුතු ආරංචිමාර්ග තහවුරු කර තිබේ.


No comments:

Post a Comment